Lyrics
පිටකොටුවෙ මහ රෑට අපි එක්වුනා
මුළු නගරෙ නිදි අතරෙ අපි පාවුනා
අඬ අඳුරෙ මරදානෙ අපි වේලුනා
කොලකෑලි බට හදල අපි සැනසුනා
සංතෝසේ සංතාපේ එකමුතු වී පෙනුනා
සංසාරේ මංදීරේ දුරදිග බව දැනුනා
අපි ලඟම අපි රැවටුනා..//
මත් බබරු මහරෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ලඟ පින්න සරදම් කරයි
සැලසුම් ගොඩයි දිවිය එක්තැම් කරයි
මගෙ ලෝකෙ බොරු හීන මං මත් කරයි
පිටකොටුවෙ මහ රෑට...
සරුසාර හෙට දවස මට අත වනයි
දෑතින් බදා මාව තුරුලේ හොවයි
හිතගාව එඩිතරව නව හිරු බලයි
කොලකෑලි බටකෑලි මට අත වනයි
පිටකොටුවෙ මහ රෑට අපි ..//
Song Details
- Sinhala Title
- පිටකොටුවෙ මහ රෑට අපි එක්වුනා
- English Title
- pitakotuwe maha reta
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →