පුල්ලි ගොනා ගෙට පැනලා

pulli gona geta

Lyrics

පුල්ලි ගොනා ගෙට පැනලා කඹය කඩාගෙන ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා කොන්ඩෙ බඳින්නට විදිහක් නැතැයි කියාලා මටයි දෝසෙ තියන්නෙ මං මක් කොරන්ටද හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්ටද...... උපන් දවසේ සිට තණකොළ කන ගෙරියට කන්න දෙයක් නැතිව වාගේ හවරිය කාලා ..... කරුමෙක මහත නරක නාමෙ දැන් මට හිතල කොරපු දෙයක් යෑ බැණල වැඩක් වෙනවයැ හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්ටද...... මහා විසාලෙට තිබුණු කොන්ඩේ නැතිකොට මඟට බහින්නේ කොහොමද කියලා අහනවා වයස ගිහිල්ලත් ගෙදර උන්දැගේ කෝලම් මහ පාරේ යන්නට කොණ්ඩේ නැතිව බැරිවයැ හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්ටද...... ගායනය  - බන්දුල විජේවීර /රෝහණ බැද්දගේ සංගීතය  - රෝහණ බැද්දගේ පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල