හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑ

hiru dewiyo tharaha

Lyrics

හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑ කුලී වැඩක් කරන අපට වැඩට යන්න බෑ මන්දිරවල වරැසාවට බිම තෙමෙන්නෙ නෑ අපේ පැටව් බඩගිනි දැනුනට අඩන්නෙ නෑ// කෙනෙකුට සැප ඇති කාලෙට තව කෙනෙකු දුකේ සංසාරේ හැටි මෙහෙමයි බුදුවදන් හැගේ පෙරකල පව් තව පියවී නැති වෙලා වගේ හිනාවෙන්න කොහොමද උඔ කියාපන් පුතේ හිරැ දෙවියො....../ වතුර බිංදු උදලු මිට දිගේ බේරෙද්දී පය දියවී උදලු තලේ මඩ තැවරෙද්දී මං එනකං බඩ ගින්දර උඔ උහුලද්දි පොලව කැපෙයි අඩමින් පස් තට්ටු බුරැලු වී හිරැ දෙවියෝ....../

Song Details

Sinhala Title
හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑ
English Title
hiru dewiyo tharaha
චර

Artist

චාමර රනවක

View all songs →

හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑ (hiru dewiyo tharaha) | Tediya Lyrics