තිබුනේම නෑ අතේ නම් මහ ලොකුවට මුදල්

thibunema na athe

Lyrics

තිබුනේම නෑ අතේ නම් මහ ලොකුවට මුදල් කීය හරි හම්බ කෙරුවේ අපේ හෙට ගැන හිතන් ගැළපෙන්නෙ නෑ කියාලා ඔයා අද වෙන් උනත් කවදාක හෝ දැනේවී මගේ වටිනාකමත් දෙවියන් බුදුන් වැඳ කළ ප්‍රාර්තනාවන් කඩකළ ඔයා මට ජාතිත් එපා තවත්.....// කාටත් හොරා රහසේ අප හිත් එදා බැඳුනේ මේ ලෙස දුරස් වෙන්නද කියලා කියන්න කෙල්ලේ අවසානයයි ප්‍රේමේ කවුරුත් එපා ආයේ හුරුකරල නෑ තවත් මං ලබන්නට ආදරේ....... දෙවියන් බුදුන් වැඳ කළ ප්‍රාර්තනාවන් කඩකළ ඔයා මට ජාතිත් එපා තවත්..... // වටිනාකමක් මාගේ දැනුනොත් ඔයාට ආයේ නෑ හිතේ ඉඩ දෙන්නට නම් පුලුවන් කමක් නෑනේ රැවටීම පාපයක්නේ ඔයා ඒ පාපෙ කෙරුවේ තනියෙන්ම ඉන්නවා මං මියෙනා තුරා ආදරියේ....... තිබුනේම නෑ අතේ නම්..............

Song Details

Sinhala Title
තිබුනේම නෑ අතේ නම් මහ ලොකුවට මුදල්
English Title
thibunema na athe
සර

Artist

සමීර රාමනායක

View all songs →