මියුරු පෙම් මදිරාවේ

miyuru pem madirawe

Lyrics

ගැ: මියුරු පෙම් මදිරාවේ... නුහුරු රස දැනුනාවේ... තත්සරේ... රැව් දිදී... පුරවන්න මා දෙසවන් මිහිරේ... පි:  දෙතොල් පෙති පුබුදාලා... පියුම් පැහැ විහිදාලා... දෙනෙතෙහී... නිල්මිණී... ලෙලවන්න මා නලවා සොඳුරේ... ගැ පි: මියුරු පෙම් මදිරාවේ... ගැ: හසරැල් අමා දියේ... තිසරුන් තෙමී ගියේ...// පි:  රන්වන් ලතාවෙන් ඉන්න ලංවී සුදෙම් සුමියේ දිවා රැයේ... ගැ: මියුරු පෙම් මදිරාවේ... නුහුරු රස දැනුනාවේ... තත්සරේ... රැව් දිදී... පුරවන්න මා දෙසවන් මිහිරේ... පි:  මියුරු පෙම් මදිරාවේ.... පි:  කඳු හෙල් මැදින් ඇදී... එමි ආදරේ සොයා...// ගැ: සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන් තියේ හිමවී මගේ කියා... පි:  දෙතොල් පෙති පුබුදාලා... පියුම් පැහැ විහිදාලා... දෙනෙතෙහී... නිල්මිණී... ලෙලවන්න මා නලවා සොඳුරේ... ගැ: මියුරු පෙම් මදිරාවේ... නුහුරු රස දැනුනාවේ... තත්සරේ... රැව් දිදී... පුරවන්න මා දෙසවන් මිහිරේ... ගැ පි: මියුරු පෙම් මදිරාවේ...

Song Details

Sinhala Title
මියුරු පෙම් මදිරාවේ
English Title
miyuru pem madirawe
ඇග

Artist

ඇන්ජලින් ගුණතිලක

View all songs →