ඔබට මතක නැති මතක මැවී

obata mathaka nathi

Lyrics

ඔබට මතක නැති මතක මැවී රිදුනා මේ දෑස ආයේ කඳුලු පිරී...// මගේම කියපු හිත වෙනතක වී යානවාදෝ හීන මාගේ දුකකට දී මාගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහේ මේ හද ගැස්ම මාගේ පපුවේ රැඳුනේ.... ඔබට මතක නැති මතක මැවී රිදුනා මේ දෑස ආයේ කඳුලු පිරී...// පෑරී පෑරී රෑ පුරා මේ හිත ආයේ ඉකිබිඳිනා ඔබම පැතුව පෙම වරදක් වීලා...// අමතක කෙරුවට මා මෙලෙසේ ඔබ ගැන අහිතක් නෑ හිතුවේ... මාගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහේ මේ හදගැස්ම මාගේ පපුවේ රැඳුනේ ඔබට මතක නැති මතක මැවී රිදුනා මේ දෑස ආයේ කඳුලු පිරී... ලංවී ලංවී උන්නු කාලේ පණ මගේ කියලා ඔබට පිදුව පෙම දඬුවම් දීලා යළි හමුනොවුණත් මා එලෙසේ ඔබ හැර සතුටක් නෑ තිබුණේ... මාගේ හුස්ම කීව කාලේ පෑ සෙනේහේ මේ හදගැස්ම මාගේ පපුවේ රැඳුනේ ඔබට මතක නැති මතක මැවී රිදුනා මේ දෑස ආයේ කඳුලු පිරී...//

Song Details

Sinhala Title
ඔබට මතක නැති මතක මැවී
English Title
obata mathaka nathi
ෂක

Artist

ෂෙනූ කල්ප

View all songs →