Lyrics
කඳුලැල් උහුලන් හිත ගැල්වු වේදනා
විඳිමි තනිවී පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා...
විඳිමී තනිවී ආදරේ වේදනා...
කෙටි කලකදි මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා...
රහසේ සැඟවී ඈතටම වී නෙතු සොයයි කෝ කියා
නොසිතු මොහොතේ ගියත් මා හඬවලා...
නැවත එනකන් බලා ඉන්නම් සදා...
හඬා වැලපී දවස ගෙවමි පැතූ හීනෙට වෙලා...
හුස්ම වැටෙනා තුරා හිඳිමි වෙනත් හිතකට නොයා...
නොසිතු මොහොතේ ගියත් මා හඬවලා...
නැවත එනකන් බලා ඉන්නම් සදා...
කඳුලැල් උහුලන්...
Song Details
- Sinhala Title
- කඳුලැල් උහුලන් හිත ගැල්වු වේදනා
- English Title
- kadulal uhulan hitha
- Artist
- ජූඩ් රොගන්ස්
ජර
Artist
ජූඩ් රොගන්ස්
View all songs →