Lyrics
ඉපදුනු දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩුබව ලොව මට කීවා
දැනගත් දා පටන්ම අනුන්ගෙ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුනා...
මා ඔබේ පුතු නොවේ ද
හැදු වැඩුවා පමණද
කියන්න මගේ සුදු අම්මා
ලෝකය බොරුයි නේද
කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදු අම්මා
දෑසේ කදුලු පෙනේ වේදනාව මටද දැනේ
ආයෙත් නොවසමි අම්මේ
වෙන අම්මලා මොකටද
මට මොන අඩු පාඩු ද
අම්මා ඔබයි සංසාරේ ...
වෙන අම්මලා මොකටද
මට මොන අඩු පාඩු ද
අම්මා ඔබයි සංසාරේ ...
වදලා කුනු බක්කියේ දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ
කුසතුල බිළිදු මරා මව් නමට දෙන්නෙ නිගා
හදන්න බය හින්දා නේ
වදන්න පින් මදි මුත් හදනා පිනෙන් ම ඔබ
මතු බුදු වෙනවා අම්මේ ...
වදන්න පින් මදි මුත් හදනා පිනෙන් ම ඔබ
මතු බුදු වෙනවා අම්මේ ...
වදන්න පින් මදි මුත් හදනා පිනෙන් ම ඔබ
මතු බුදු වෙනවා අම්මේ ...
Song Details
- Sinhala Title
- ඉපදුනු දා පටන්ම ආදරයෙන් මා හදා
- English Title
- ipadunu da patanma
- Artist
- නෙල්සන් වාස්
නව
Artist
නෙල්සන් වාස්
View all songs →