Lyrics
ආදර නිල් දෑසේ
ආදර නිල් දෑසේ
මැණික් රුවක් ඇඳී දිලෙයි
ආදර නිල් දෑසේ
ආදර මල පිපී වැනෙයි
ඇගෙ පෙම් හද පොකුණේ
මගේ ළමැද පළඳන්නයි
ඒ රන්මල පිපුණේ
ආදර නිල් දෑසේ... //
විමානයේ කවුළු දොරින්
නෙත් හී සර විදලා
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා
ආදර නිල් දෑසේ... //
සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිරකරලා
ආදර නිල් දෑසේ......
Song Details
- Sinhala Title
- ආදර නිල් දෑසේ
- English Title
- adara nil dase
- Artist
- නාරද දිසාසේකර
නද
Artist
නාරද දිසාසේකර
View all songs →