Lyrics
හිත මුලා කරලා ඔබ ගියදා
මගෙ ආදරේ අරං
තනිකමක් දැනුනා හිත රිදුණා
ඔබ ගැන මතක් වෙලා
මගෙ සෙවණින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනිවී ගියත්
ඔබ සැමදා ඉන්නකො හොදින්
බලන බලන තැන පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගෙ සතුට ගැන
මං කිසිදා නෑ හිතන්නේ...//
මගෙ සෙවණින් යන්නම ගියත්...
සිතන පතන හැමදේම දවසකදි
අප හැරදාල යන්නේ
සසර ගෙවෙනතුරු තනිව ඉන්න බව
ඔබ පමණයි තව දන්නේ
මගෙ සෙවණින් යන්නම ගියත්...
හිත මුලා කරලා....
Song Details
- Sinhala Title
- හිත මුලා කරලා ඔබ ගියදා
- English Title
- hitha mula karala
- Artist
- විරාජ් පෙරේරා
වප
Artist
විරාජ් පෙරේරා
View all songs →