Lyrics
හංගන්න මොනවත්ම දැන් ඉතුරු නෑ
ඇස් දැක්ක දේ මටම අදහන්න බෑ
බොරු කරලා හුරු ඔබට මං අගය නෑ
වැට පැන්න ආදරය ගෙට ගන්න බෑ
මළ දාට තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති.......//
දිනුවාට වඩා හරිම සතුටුයි මටත්
පැරදුනාට ඔබ ගාව දුක නෑ ටිකක්
එක තැනක දෙතැනක නොවේ සිය තැනක්
මට වැරදුනා අඩු නැතිව එක බිදක්
මළ දාට තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති.........//
හැම තිස්සෙම කියවනවා කෙටි පණිවිඩ
මට ඉතුරු අන්තිමට එය විතරද
ජයවේවා පෙම්වතිය සමුගෙන ගිය
මුල් පෙම්වතා දැන් ඉතින් මොකටද
Song Details
- Sinhala Title
- හංගන්න මොනවත්ම දැන් ඉතුරු නෑ
- English Title
- hanganna monawathma
- Artist
- මෛත්‍රික සංජිව
මස
Artist
මෛත්‍රික සංජිව
View all songs →