අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ

andara wewata ruwe

Lyrics

අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ හීන කලත්තන හිතේ මට දැනුනා සීත වාගේ (පිනි බාන කාලෙ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ )....// අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ (මායම් වලින් නුඹ කෝලම් කරයි සායම් ගියොත් තේව වියදම් සැරයි )....// ඉනට උඩින් බැදි හවඩිය නුඹට බර වැඩියි වහන් වෙලා බලන බැල්ම නෙත් කොනෙන් වැටෙයි ඔච්චර ළපටි හිතේ විස්තර හරිම අගේ කට්ටි පනින හිත තාමත් නුඹට ලෙන්ගතුයි අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ හීන කලත්තන හිතේ මට දැනුනා සීත වාගේ (පිනි බාන කාලෙ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ )....// අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ (මල් වාගේ පෙම් සුවද දෝරේ ගලයි නිම් නාද කොවුලන්ට ඇරයුම් කරයි )....// නියර දිගට ඔය දෙපතුල් රෝස පෙති වගේ ගොක් කොළ මල් පැල හදන්න මට හරි ලෝබයි පෙම්බර සුවද දැනේ ගින්දර ගහන හිතේ කට්ටි පනින හිත නුඹට ලෙන්ගතුයි අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ හීන කලත්තන හිතේ මට දැනුනා සීත වාගේ (පිනි බාන කාලෙ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ )....// අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ

Song Details

Sinhala Title
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
English Title
andara wewata ruwe
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ (andara wewata ruwe) | Tediya Lyrics