නෙත ලග දඟ කරනා

netha laga daga karana

Lyrics

නෙත ලග දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කරා පෙර සසරෙහි පැවති ස්නේහේ මගෙ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි මාසිත ඔබ කෙරේ මසිත ඔබ කෙරේ මසිත ඔබ කෙරේ නෙත ලග දඟ කරනා...... රණ මොණරිය පරදන නෙතු සඟලක හිමි කාරී සුහදිනියේ නුඹ වෙනවද මගෙ ජීවන සහකාරී // මිණි පරදන හඩ මුකරී ඔබ නොමැතිව හිඳිනු බැරී මට දෙනවද ඔබගේ සෙනේ ඔබගේ සෙනේ ඔබගේ සෙනේ නෙත ලග දඟ කරනා ඔබෙ...... වන බඹරුන් වන මල් මත ඉද කොඳුරන ගීතා මම දිවුරන්නම් මතු ඔබෙ මුලු දිවියම සනහා // ඉර හඳ මත දිවුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි මාසිත ඔබ කෙරේ මසිත ඔබ කෙරේ මසිත ඔබ කෙරේ නෙත ලග දඟ කරනා ඔබෙ......

Song Details

Sinhala Title
නෙත ලග දඟ කරනා
English Title
netha laga daga karana
කක

Artist

කවීෂ කවිරාජ් - kaweesha kaviraj

View all songs →