සැකය මේ හැටි දුර දිග ගියේ

sekaya me hati

Lyrics

සැකය මේ හැටි දුර දිග ගියේ දුකට ඇයි මේ හිත පත් උනේ...// වැරදි වැටහීමක පැටලිලා නිකරුණේ මම කල චෝදනා තේරුනේ මට කල් ගත වෙලා සමා දෙනවද ඔයා.... සැකය මේ හැටි දුර දිග ගියේ දුකට ඇයි මේ හිත පත් උනේ...// වැඩිපුරම ඔබ ආදරෙ කලේ මටම විතරයි මේ ලොකයේ ඔබෙන් ලද ඒ සැනසුම් සුවේ මගේ වරදින් මට නැති උනේ වැරදි වැටහීමක පැටලිලා නිකරුණේ මම කල චෝදනා තේරුනේ මට කල් ගත වෙලා සමා දෙනවද ඔයා... සැකය මේ හැටි දුර දිග ගියේ දුකට ඇයි මේ හිත පත් උනේ කලබලෙන් මම ගත් තීරනේ දුකම විතරයි මට ලන් කලේ වෙන් උනත් මතු උපදින ලොවේ යලිත් පතනවා වෙන්නට ඔබේ වැරදි වැටහීමක පැටලිලා නිකරුණේ මම කල චෝදනා තේරුනේ මට කල් ගත වෙලා සමා දෙනවද ඔයා.... සැකය මේ හැටි දුර දිග ගියේ දුකට ඇයි මේ හිත පත් උනේ...//

Song Details

Sinhala Title
සැකය මේ හැටි දුර දිග ගියේ
English Title
sekaya me hati
රඉ

Artist

රාජ් ඉලංගසිංහ

View all songs →