Lyrics
ආදරය කෙරුවාට පණ ඇරගෙන
තනි වෙච්ච පෙම්වන්තයෙක් මං අද
හැම සතුටක අගට තියෙනව දුක
සුභ වෙන්න ඕනෙ ඔබේ හෙට දින
ලියවෙන්න අපෙ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොද නාමය...//
අමනාපකම් හාදකම් දෙක මැද
අපි ලං වෙලා ගෙවපු අවුරුදු හය
තව තියෙනවා මාගෙ මේ හිත යට
දෙවියන් රකීවා ඔයා වස්තුව
ලියවෙන්න අපෙ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොද නාමය...//
දුකකින් උණත් මේ තැනින් නවතිමූ
මේ සසරෙ විතරක්ම ඈතින් ඉමූ
ආයෙත් වරක් ඉපදුනොත් හමුවෙමූ
ඒ පැතුම පතලාම අපි මිය යමූ
ලියවෙන්න අපෙ පුංචි ඉතිහාසය
රැකගන්න පණ වාගේ හොද නාමය...//
ආදරය කෙරුවාට පණ ඇරගෙන.....
Song Details
- Sinhala Title
- ආදරය කෙරුවාට පණ ඇරගෙන
- English Title
- adaraya keruwata
- Artist
- ශාන් දියගමගේ
ශද
Artist
ශාන් දියගමගේ
View all songs →