Lyrics
මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්නබෑ මේ තරම්
ආදරේ සෑම දා වුණා සුන්
විඳගන්න වේදනාව පෙම්...//
මා ඉන්නේ අන්ධකාරේ දැන්..
මා සැදූ මාලිගේ පණ වගේ රැක බලා
ආදරෙන් සෑම දා ඇයි ඔයා ගෙන ගියේ
විඳ දරා ඉන්න බෑ මා හිතේ වේදනා..//
මා ඉන්නේ අන්ධකාරේ දැන්...
ඔබ නිසා මා හෙලූ කඳුලැලි දිනපතා
සාගරේ වාගේ මේ දිය සුලි එයි නගා
වාලුකා කතරේ මා ඉන්නෙමි ඔබ පතා..//
මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරේ සෑම දා වුණා සුන්
විඳගන්න වේදනාව පෙම්...//
මා ඉන්නේ අන්ධකාරේ දැන්
Song Details
- Sinhala Title
- මා ඉන්නේ අන්ධකාරේ දැන්
- English Title
- ma inne andakare dan
- Artist
- එච්.ආර්.ජෝතිපාල
එ
Artist
එච්.ආර්.ජෝතිපාල
View all songs →