අනේ මහත්තයො අරගෙන ආවට දානේ

ane mahaththayo aragena

Lyrics

අනේ මහත්තයො අරගෙන ආවට දානේ පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ මටත් තාත්තෙක් හිටියානම් ඔබ වාගේ මොනවා නොලැබුණත් කමක් නෑ මතු ආයේ..... පුතයි දුවයි දෑතේ එල්ලිලා එනකොට සෙලවෙනවා මහත්තයෝ අපෙ කඳුලු කැට අපෙයි කියන්නට අම්මෙක් අප්පෙක් නැතිව විඳින්න සතුටක් කොයින්ද පුතෙකුගෙ හිතට.... අනාථ නිවසේ පිවිසුම් දොරටුව ළඟට ගිහින් යවනවා ඇස් දෙක බලන්න දුරට අම්ම තාත්තා කියලා කියන්න රටට කිසිම කෙනෙක් ආවෙ නෑ බලන්න අපිව... අනේ මහත්තයො....

Song Details

Sinhala Title
අනේ මහත්තයො අරගෙන ආවට දානේ
English Title
ane mahaththayo aragena
අප

Artist

අසංක ප්‍රියමන්ත පිරිස්

View all songs →

අනේ මහත්තයො අරගෙන ආවට දානේ (ane mahaththayo aragena) | Tediya Lyrics