නුඹට මතක නැති උනාට මට අමතක නෑ

nubata mathaka nathi

Lyrics

නුඹට මතක නැති උනාට මට අමතක නෑ නුඹගෙ ලොවම ඔහු උනාට මට තරහක් නෑ නුඹ මා හැර දා ගියාට මගෙ තරහක් නෑ නුඹ සතුටෙන් නම් මැණිකේ මා හට දුක නෑ දෑගිලි බැද අප ගිය මග ඔහුත් එක්ක නුඹ යන කල නොනැගුනාද නුඹෙ මතකෙට පෙර දින අප සක්මන් කල මා සිප ගත් නුඹෙ දෙකොපුල අද ඔහු සිප ගන්නා කල නොනැගුනාද පෙර මතකය ඔහු නුඹ අද සිප ගත් කල නුඹට මතක නැති උනාට මට අමතක නෑ… මා හැර ගිය නුඹ සතුටෙන් ඉන්නව නම් පරන මතක නුඹ හට අමතක වී නම් ඔහුගෙ ලොවට නුඹ සද වී පායයි නම් තව කුමකට ලතවන්නේ නුඹ ගැන මම්

Song Details

Sinhala Title
නුඹට මතක නැති උනාට මට අමතක නෑ
English Title
nubata mathaka nathi
ගස

Artist

ගාමිණී සෙනවිරත්න

View all songs →