Lyrics
කවදා හෝ සසර කතර අතරමග දී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවී
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ
කවදා හෝ සසර කතර අතරමගකදී..
මිදුලේ ඇති ආලෝකය නිවසට එන්න..//
සුදු ඔබගේ දෑතට මගේ දෑතම මෙන්න..
මිදී දුකින් රස බලන්න සිතමි මීවිතේ
රිදී ඉරකි ඔබ මාගේ අදුරු ජීවිතේ..
අදුරු ජීවිතේ...
කවදා හෝ සසර කතර අතරමගකදී...
පවසනු බැරි නම් ඉදිරියේ කරැණු ඔබේ හිතේ..//
මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ..
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
ඔබෙයි මගෙයි අදුරු ලොවට සද පායද්දෙන්..
සද පායද්දෙන්..
Song Details
- Sinhala Title
- කවදා හෝ සසර කතර අතරමග දී
- English Title
- kawada ho sasara kathara
- Artist
- ඇන්ජලීන් ගුණතිලක
ඇග
Artist
ඇන්ජලීන් ගුණතිලක
View all songs →