Lyrics
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා..
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා..
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්..
නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...
ලඟින් ඔබ තියන් - මගේ පණ කියන්
එකට හිටිය දිනයේ...
මගෙන් තොර ලොවක් - ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ...
යළිත් ඔබව හිමිනැති නම්..
මගේ සෙනෙහේ අඩුනම්..
නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...
කියන් මගේ හිතින් - තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ..
අලුත් සෙනෙහසින් - දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ...
පෙරුම් පිරුවේ ඔබ හා මං..
කූඩු වෙන්න හැමකල්..
නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...
යන තැනක ඉන්න...
Song Details
- Sinhala Title
- යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
- English Title
- yana thanaka inna
- Artist
- මිහිදු ආරියරත්න
මආ
Artist
මිහිදු ආරියරත්න
View all songs →