Lyrics
ජැන්ඩි පහට නො ඇන්දාට
ගෙදර චන්ඩි කම් කලාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුබයි තාත්තේ
පනි ඩින්ගක් තොල ගාවට
කඩ මන්ඩියෙ ඇල උනාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුබයි තාත්තේ......//
පාන්දරින් පිට උනාම
හැන්දෑවට නුබ නාවම
මොකද මන්ද මේ හැටි හරියට දුක එනවා.......
අතින් කටින් බඩු අරගෙන
ගෙයි පඩියට නුබ එනකොට
මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා.............
ජැන්ඩි පහට..............
හරි සතුටුයි මට නුබ ගැන
මගෙ අත පය දැඩි කරගෙන
ඒත් මදිද හීනෙන් මං ගැන දොඩවන්නේ
තාමත් සලකන්න බැරිව
නුබ දුක් විදිනව බල බල
කදුලුත් නෑ මරෙන්නමයි මට හිතෙන්නේ.........
ජැන්ඩි පහට.............//
Song Details
- Sinhala Title
- ජැන්ඩි පහට නො ඇන්දාට
- English Title
- jandi pahata
- Artist
- චාමර රනවක
චර
Artist
චාමර රනවක
View all songs →