පිළිගන්න අදහන්න බෑ බෑ

piliganna adahanna ba

Lyrics

පිළිගන්න අදහන්න බෑ බෑ විමසන්න සිත දෙන්නෙ නැ නෑ සිදුවූයෙ නොසිතූම දෙයකී ලදේ විමසන්න සිත දෙන්නෙ නැ නෑ.. ඔබ ඔහුගෙ දෑතේ වෙලීලා ගිය බැව් මගේ නෙත් වසාලා කවුරුන් කීවත් නෑ ඇසුවේ මා එනමුදු සොදුරේ මා අද දුටුවා මහ වැහි මැද එක කුඩයක සෙවනදී.. පිලිගන්න අදහන්න බැ බෑ..... ඔබ යන විට ඔහු හා නිදැල්ලේ හිත නැද්ද මා හා දොඩන්නේ අප හමුවූවෙත් බැදුනෙත් අප සිත් එලෙස නොවේදෝ ඔබට මතකදෝ මහ වැහි මැද එක කුඩයක සෙවනදී.. පිලිගන්න අදහන්න බැ බෑ.....

Song Details

Sinhala Title
පිළිගන්න අදහන්න බෑ බෑ
English Title
piliganna adahanna ba
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →