සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී

sundara duma duma na sudu

Lyrics

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී පෙම්බර නමුණුකුලට පෙම්කවි ගොතනා නුඹදෝ ප්‍රේමවන්ති සිහිලැල් ගී පද සලනා// පුන්සඳ මූණෙ එළියගෙන සඟවා චන්දන අරටු වනේ සිසිලස රැගෙනා ඉමිහිරි බෙලිමල් රසපැන් ඔසු දෙවනා හිත නළවගන්න එන පිරිසට// මිහිරිම කවිපද කියනා [නුඹදෝ සොබාදෙව්ලි ගහකොළ මල්ඵල මවනා]// කිරිසුදු බදුලු ඔයෙන් හසරැලි ගෙනෙනා මිහිඳුම් සළුවෙන් හිස ඔළිඑළි බඳිනා දහදිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා වට වන්දනාවෙ එන නඩේට// සියපත් ඔබ හාදවුණා නුඹදෝ සුරලිය මුතියංගණ බුදුගුණ වණනා// සුන්දර දුම දුම නා...........................

Song Details

Sinhala Title
සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී
English Title
sundara duma duma na sudu
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී (sundara duma duma na sudu) | Tediya Lyrics