සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ - චන්ද්රයන් පිදූ

chandrayan pidu sihinen wuwath

🎤 DaddySinhala lyrics

Lyrics

සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්දකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ... නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිර වූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ... කඳුලැල් දිය දහරා නෙත් අගින් නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිරෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ... චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වාර්ණවත් කරේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුඳු පවනේ රැදි සිසිලක් ලෙසින් // ඔබ මා හද පුබුදු කලේ.... වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ ගැලපීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ... අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතු යැයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ, රඟ දෙයි ඔබ දෙසනා වදනක් යහනේ තනිවී... චන්ද්‍රයන් පිදූ..... චන්ද්‍රයන් පිදූ...

Song Details

Sinhala Title
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ - චන්ද්රයන් පිදූ
English Title
chandrayan pidu sihinen wuwath
Artist
Daddy
D

Artist

Daddy

View all songs →