Lyrics
මලට මුව තියා මල් මත බඹරැනුත් ගියා
විලට මුව පොවා දිය බිවු සාවුනුත් ගියා
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා මෙි හැටි මටම දුක තියා
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී...//
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා මෙි හැටි මටම දුක තියා
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී...//
මලට මුව තියා මල්.....෴
Song Details
- Sinhala Title
- මලට මුව තියා මල් මත බඹරැනුත් ගියා
- English Title
- malata muwa thiya
- Artist
- රොහාන් ශාන්ත බුලේගොඩ
රශ
Artist
රොහාන් ශාන්ත බුලේගොඩ
View all songs →