Lyrics
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ළගින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
දුක පිරුනු මගේ හිත ඔබ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඩ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි හිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසක නොවී නුඹ අවපසෙක සද උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගෙ ළගින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
Song Details
- Sinhala Title
- එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
- English Title
- eda wage adath poda wassa
- Artist
- සෝමතිලක ජයමහ
සජ
Artist
සෝමතිලක ජයමහ
View all songs →