Lyrics
මුව මුක්තා ලතා පිපි හංසාංගනන්
විල් නෙළුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ- රෑ නුඹ රාසෙන් ලඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගේ නඟන් නොනිඳා....
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ..//
තනිවෙන්න යං පෙම් රසෝජාවේ..//
රූසිරු කල්‍යාණියේ-මා සැනසෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී....
නිසසනි සගගම පමපප නිනිසරි ග...
රිගසග රිගනිප නිසරි
නිප මධප ගමප ගරි නිනි සරිස....
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ..//
හා හා ගයන් සෞම්‍ය සංගීතේ...//
මේ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා
ඔබෙ නලළේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ...
මුව මුක්තා....
Song Details
- Sinhala Title
- මුව මුක්තා ලතා පිපි හංසාංගනන්
- English Title
- muwa muktha latha pipi
- Artist
- එඩ්වඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වඩ් ජයකොඩි
View all songs →