Lyrics
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඩල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඩල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඩල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඩල...
ගාලු කොටුවෙ බැම්ම වගේ රැකවරණය දුන්නා
උණවටුනේ වෙරල වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිඳුන් ජට මගෙ දුක මම කිව්වා...
නුවරඑලියෙ සිසිල් බවයි...
මහවැලි ගඟ බෙදුව වගේ ඔබ මා වෙන් කෙරුවා
දුන්හිඳ දියඇල්ල වගේ මගෙ හිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවෙ උන්නා
ඉසුරුමුණියෙ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා
නුවරඑලියෙ සිසිල් බවයි...
Song Details
- Sinhala Title
- නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඩල
- English Title
- nuwara eliye sisil bawai
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →