Lyrics
විසිරුණු තරු පත් සිඳුනා
හිම පිනි පවනක් සැදුනා
තිගැසීයේ යන්තම් සිත මගෙ කිතිකැවුනා
පිනි නිල්ලේ සිත්තම් වල පෙම් ඉඟි ලැබුනා
සිතුවිලි කලබක් මැවිලා
හද මුදු හැඟුමක් පිරිලා
සැනසුමේ ඉන්නම් ළය මත සිත සතපා
නෙතු දැල්වී ඇත්නම් මගේ ලඟ නුඹ සැමදා
වහින්න මුතු වෙස්සක්
වහින්න මුතු වෙස්සක්
සිත පහන්ව ඉන්නේ,පැතුම් ළන්වෙලා සගවා
වහින්න මුතු වෙස්සක්
වහින්න මුතු වෙස්සක්
හද වහන්ව ඉන්නේ,සිතුම් ඉටුවෙලා නොදොඩා
නෙතු කොනේ කදුලු ඉනුවෙ නැත මා
පැතු ලෙසේ සුවඳ රැදුනේ සදා
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
නුඹ මගේ සොදුරු මතකේ රැදුනා
රුව මැවේ දෝරක ක්ෂ්තිජේ ඉම හා
දුක හිතේ නුඹව නොලැබේ කියා
සිත මගේ නුඹට පුද දෙන්නේ වසන්තේ
සඳ රැයේ හැඟුම පවනේ සැළුනා
වහින්න මුතු වෙස්සක්...//
Song Details
- Sinhala Title
- විසිරුණු තරු පත් සිඳුනා
- English Title
- wisirunu tharu path
- Artist
- අමරසිරි පීරිස්
අප
Artist
අමරසිරි පීරිස්
View all songs →