ප්රාර්ථනා අපගේ යන්නට හැර අපතේ - පෝරුව

prarthana apage poruwa

Lyrics

ප්‍රාර්ථනා අපගේ යන්නට හැර අපතේ එකතු වෙන්නෙ නොමැති ලෝකෙ ගෙවමු හුදෙකලාවේ... සවන් පතට ඔබගේ නොකීවාට පෙරසේ මට හිතෙන්නේ අපි ගෙවන්නේ කරුමයක් අතීතේ... යම් දිනෙක පෝරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට....// හිමි වන්නේ නැති දෑත සිහිනෙන්වත් හැම රෑම මොහොතක් හෝ නැරඹීම විතරයි මගේ සැනසීම දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට අපි ආදරේ කලේම ගින්දරෙන්මද ...... යම් දිනෙක පෝරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට....// ගමනන්තේ ගැන නොදැන මහ මුහුදේ දිය සිඹින රුවලක් නැති නෞකාව වාගෙයි ඔබ නැති දිවිය සින්නක්කරෙන් අතීතයන් නිධන් කර මිතුරෙක් වෙලා හිඳින්න අවසරයි හෙට... යම් දිනෙක පෝරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට....//

Song Details

Sinhala Title
ප්රාර්ථනා අපගේ යන්නට හැර අපතේ - පෝරුව
English Title
prarthana apage poruwa
මස

Artist

මිලින්ද සඳරුවන්

View all songs →

ප්රාර්ථනා අපගේ යන්නට හැර අපතේ - පෝරුව (prarthana apage poruwa) | Tediya Lyrics