ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ

iren eliya aran hadunu

Lyrics

ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ දෙවියන්ටත් දෙවියන් වු අපෙ අම්මා  වාගෙ කවුරුත් නෑ ආදරයක් දුන්නෙ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා..// ජීවිතේ මට වගෙ වෙන කාටවත්ම නොකෙරු ආදරේ අම්මගෙ වරමක්ද මටම ලැබුණු ලේ ටික කිරි වුනාම ආදරේ වැඩි වුනාම දෙතනින් පිටාරය ගලයි ඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට හැමදාමත් මං ණයයි අම්මට තාමත් ණයයි මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා..// මං නිසා ඔය නෙතින් කඳුලක් වැටෙන්න ඇතිනෙ මං නිසා කරදරෙන් හිත රිදවාගන්න ඇතිනෙ අම්මේ සමාවෙන්න නොසිතා දුන්නු දුකට මට පව් සිද්ද වෙන්නෙපා ලබනා අත්මෙකදි දෙව් ලොව සම්පත් පිරි තැනකම යලි ඉපදේවා..// ඉරෙන් එළිය..//

Song Details

Sinhala Title
ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ
English Title
iren eliya aran hadunu
මප

Artist

මංජුල පුෂ්පකුමාර

View all songs →

ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ (iren eliya aran hadunu) | Tediya Lyrics