මංදාරම් වැහි වැටෙනා

mandaram wahi watena

🎤 TH LANESinhala lyrics

Lyrics

මංදාරම් වැහි වැටෙනා සීතල හැන්ඳෑවේ මා අසලින් රැදී උණුහුම නුඹ විය නුඹයි මගෙ අම්මා... සඳ හාවුන් හඬනා.. කළුවර රාත්‍රියේ.. ආලෝකය දුන් සඳකැන් නුඹ විය නුඹයි මගෙ අම්මා... ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් හැදු මාගෙ අම්මා... දරා දසමාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා... අම්මේ මං නුඹට ආදරේ...ජීවේ පොවන උල්පත නුඹයි... අම්මේ නුඹ මගෙ රැජිනයි...සංසාරයේ මා නුඹ ළඟයි... කුණාටු සාගරයේ.. රුවල් බිඳුනු නෞකාවේ.. හඹල ඔබයි පිලිසරණ ඔබයි නුඹයි මගෙ  අම්මා... දාහය වෑහේනා.. ගිනියම් මද්දහනේ.. සෙවණ ඔබයි මඳ පවන ඔබයි නුඹයි මගෙ අම්මා.. ලේ කිරි කර පොවා... අම්මේ මං නුඹට ආදරේ...// අම්මේ නුඹ මගෙ රැජිනයි...//

Song Details

Sinhala Title
මංදාරම් වැහි වැටෙනා
English Title
mandaram wahi watena
Artist
TH LANE
TL

Artist

TH LANE

View all songs →

මංදාරම් වැහි වැටෙනා (mandaram wahi watena) | Tediya Lyrics