Lyrics
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ.....
මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහෙවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ....
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ.....
ඈයිදෝ නොහෑහේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවවේවී මාගේ ලොවේ....
මනලෝලී මනමාලියේ......
Song Details
- Sinhala Title
- මනලෝලී මනමාලියේ
- English Title
- manaloli manamaliye
රග
Artist
රූකාන්ත ගුණතිලක / චන්ද්‍රලේකා පෙරේරා
View all songs →