එක කිරුළක් පළඳින්නට බෑ - සුලෝචනා

eka kirulak paladinnata sulochana

Lyrics

එක කිරුළක් පළඳින්නට බෑ එකම සිහසුනේ ඉන්නට බෑ සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්ට බෑ මගේ කඳුළ ඔබගේ දෙතොලේ සුවඳ සිනා රැල්ලක් වේවා සුලෝචනා දුක නොහඳුනනා ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ ආදරයක් වෙනුවෙන් දෙන්නා තරඟයකට ඉඩ දිය යුතු නෑ සුලෝචනා අප දෙදෙනාටම එක හදවතකට පෙම් කරන්ට බෑ කිරුළ සිහසුනයි රජ දහනයි ඔබටම පවරා පිට වෙන්නම් සුලෝචනා අප දෙදෙනාටම එක හදවතකට පෙම් කරන්න බෑ

Song Details

Sinhala Title
එක කිරුළක් පළඳින්නට බෑ - සුලෝචනා
English Title
eka kirulak paladinnata sulochana
අර

Artist

අමරා රණතුංග

View all songs →