Lyrics
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ...
ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි...
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ...
රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි...
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ
පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ...
Song Details
- Sinhala Title
- සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
- English Title
- sithin sina sisi
රග
Artist
රූකාන්ත ගුණතිලක / චන්ද්‍රලේඛා පෙරේරා
View all songs →