Lyrics
ප්රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඬවයි නම්
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න
ආදරයක් තියනව නම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
මට නොපෙනී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
ගතගෙන යන්නම් දුරක
සිත නම් බෑ ගෙන යන්න
Song Details
- Sinhala Title
- ප්රේමය පුද දී අවසානයි
- English Title
- premaya puda di awasanayi
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →