Lyrics
තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපු නෙතට බර නැහැ දුක් කඳුලු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට..
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට..
කිඳුරිය වෙලා මතකයි මං පෙර බවක
හඬා වැටුනු හැටි මගෙ හිමි ඔබ අසල
කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..
ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා
කල් ගිය තරම් දැනිනට ඔබ මගෙ නොවෙනා
ලොව අන්සතුයි සැප තිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත හිඳලා..
කුමටද පරවු මල් පුදසුන මත හිඳලා...
Song Details
- Sinhala Title
- තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
- English Title
- thurulu karan innata
- Artist
- උමාරියා සිංහවංශ
උස
Artist
උමාරියා සිංහවංශ
View all songs →