Lyrics
ඕලු පිපීලා විල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලදිමු අපි මාලා
වැල නොකැඩී පෙම් කෙලිමින් යන්නෝ දන්ඩි පැටවු නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැදවා නංගෝ
මෙන්න මලක් මා නෙලුවා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලදිමු අපි මාලා
මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා ඔබෙ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලදිමු අපි මාලා
නෙලුවා නෙලුවා බරටම නෙලුවා බරට බරයි නාංගෝ
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලදිමු අපි මාලා//
Song Details
- Sinhala Title
- ඕලු පිපීලා විල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
- English Title
- olu pipila wila leladenawa
- Artist
- සුනිල් ශාන්ත
සශ
Artist
සුනිල් ශාන්ත
View all songs →