Lyrics
උතුම් ආදරේ මගෙ ජීවිතේ
ඔබටයි පිදූවේ සදා එක සිතින්
පහනක් තියා පතමී සිතින්
හැමදාම ලග ඉන්න මට ආදරෙන්
ඇහිපිල්ලකින් වත් තරමින් රිදුම්
මම දෙන්නෙ නෑ ඔබට මගෙ රත්තරං//
මට ආදරේ බව දන්නවා මං
ඒකයි මුරකාවල් දමා රැක්කෙ මං
තරහින් බලා සැරවැර කලත්
මං දන්නවා මට ආදරේ තරම්
ඇහිපිල්ලකින් වත්.......//
සැකයෙන් බැලූවත් ඉදහිට හොරෙන්
ඒ ආදරේ වැඩි නිසයි මා කෙරේ
මට ඉන්න බෑ ඔබගෙන් මිදී
මියෙනා තුරා ඔබටයි ආදරේ
උතුම් ආදරේ මගෙ ජීවිතේ
ඔබටයි පිදූවේ සදා එක සිතින්
පහනක් තියා පතමී සිතින්
හැමදාම ලග ඉන්න මට ආදරෙන්
ඇහිපිල්ලකින් වත් තරමින් රිදුම්
මම දෙන්නෙ නැ ඔබට මගෙ රත්තරං //
Song Details
- Sinhala Title
- උතුම් ආදරේ මගෙ ජීවිතේ
- English Title
- uthum adare mage jiwithe
- Artist
- කලනි සේනානායක
කස
Artist
කලනි සේනානායක
View all songs →