Lyrics
රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//
රන් බඳ රන් කුඹු රන්සලු එලා
චන්දන අංජන දෙනෙතේ උලා
ඕ...රන් බඳ රන් කුඹු රන්සලු එලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ සෙලවෙන කිංකිණි නූ පුර මාවෙත ඈ එනවා.
රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා.
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා...
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//
ඇගේ ලැම රන් ගිරි දෙඅද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
ඇගේ ලැම රන් ගිරි දෙඅද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන මාවෙත ඈ එනවා
රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා.
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා...
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//
Song Details
- Sinhala Title
- රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
- English Title
- ranabara idu dunu sithuwam
- Artist
- මිල්ටන් මල්ලවආරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවආරච්චි
View all songs →