Lyrics
බැලුවම අහින්සකයි මේ මිනිහ හරි වසයි
කෙරුවෙ වැරදිමයි ධාමරික වැඩ තමයි
හොඳ මිනිහෙක් වෙන්ටයි හිතුවෙ
ඉරනම මේකයි
උනෙ එල්ලුංගස් යන්ටයි
අනුර පුරේ හිරගෙය
ඔහු කඩා පැනගිය
සිරාව අල්ලන්න
ලේසියෙන් බැරිවිය
රජරට සිටිය සමහරු වුනානෙ බය
මරු සිරා ඒවි කිය කිය
මිනිමැරුම් චෝදනා ඔහුට අනන්ත තිබුනා
කොහොම වුනත් සිරා පොලි..සියට අසුවුනා
ඔහු නිතර කල්පනා කර හිරගෙදරින් පැන්නා
ඇතුලේ අය කිසිත් නෙදන්නා
නිර්භීත මරු සිරා කියන්නෙ කවුද සුමිතුරා
මිනි මර මරා හැංගි සිටිය රට පුරා
සිරිපාල නම් දරා පසුවයි වුනේ මරු සිරා
ඉතිහාසෙට නමක් එක්කලා
රන් මැණිකෙ ආදර
මගෙ බිරිඳ පෙම්බර
රන්වන් මගෙ දරු සුරතල් පැටිය සුන්දර
ඇස් වැහෙන්නට පෙර හුස්ම යන්න ඉස්සර
ආසයි දකින්න මුහුන රෑ බර
ඇත්තෙන් ඔහුනම් දැරුවේ මේ සිරි ලංකාවෙ
දාමරික වැඩ කරලා නේද යාලුවෙ
එල්ලලාද මැරුවෙ මරලාද එල්ලුවෙ
මේ ප්‍රහෙලිකාව කවුද විසඳුවෙ
නිර්..භීත මරු සිරා කියන්නෙ කවුද සුමිතුරා
මිනි මර මරා හැංගි සිටිය රට පුරා
සිරිපාල නම් දරා පසුවයි වුනේ මරු සිරා
ඉතිහාසෙට නමක් එක්කලා
මේ ඉතිහාසෙට නමක් එක්කලා///.
Song Details
- Sinhala Title
- බැලුවම අහින්සකයි මේ මිනිහ හරි වසයි
- English Title
- baluwama ahinsakai
- Artist
- ඇන්ටන් ජෝන්ස්
ඇජ
Artist
ඇන්ටන් ජෝන්ස්
View all songs →