අඳුරේ ගිලී තනි වීලා මෙසේ

adure gili thani wila mese

Lyrics

අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරේ මගේ නොසිතා සිතා අතීතේ එදා මිදුනාට මනිමේකලා පිලිගන්නෙ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසනා// ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කඳුලින් තෙමා පාවී ගියාවේ අතීතේ කතා සැඩ මරුතේ රැලි හමා නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රාර්තනා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා පිලිගන්නෙ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසනා ඔය දෑසෙ පාවී මනබන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා භවයෙන් භවේ එන්න මතු ඉපදිලා සන්සාර පතිනිය වෙලා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා පිලිගන්නෙ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසනා//

Song Details

Sinhala Title
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
English Title
adure gili thani wila mese
නප

Artist

නදීමාල් පෙරේරා

View all songs →