නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ

nobala inna baa bala inna ba

Lyrics

නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ නොසිතා ඉන්න බෑ සිතාගන්න බෑ ආදරේට වේදනා දරාගන්න බෑ නුඹ මාව ඇය ගාව ගොළුකර තියා කිවනොහැක දුන් කඳුලු මෙතෙකැයි කියා පෙනි පෙනිම නුඹ අහිමි වී යන දිහා නිහඬව බලා හිඳිමි කඳුලැල් පිහා බැහැයි කීව දවසේ නුඹ හඬා වැටි නිසා ආදරේ කලේ මා නුඹ මහමෙරක් සිතා දුරක් ආව ගමනේ නුඹ හා එක් වෙලා මට රිදවන රහසේ වෙන කාගෙද වෙලා නුඹ මගේම නම් මා නුඹේම නම් දෙයිද මේ තරම් හිත් රිදුම් වේදනා නුඹ මාව ඇය ගාව ගොළුකර තියා කිවනොහැක දුන් කඳුලු මෙතෙකැයි කියා ලෝකෙටම රහසේ නුඹෙ ආත්මය වෙලා දුන්නු හුස්ම රහසේ ගියා කුල් වෙලා හිත නිවී තියේවී වේදනා අඩු වෙලා ගියෝතින් නොඒවී මා ආයේ ඔබ සොයා නුඹ මගේම නම් මා නුඹේම නම් දෙයිද මේ තරම් හිත් රිදුම් වේදනා නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ නොසිතා ඉන්න බෑ සිතාගන්න බෑ ආදරේට වේදනා දරාගන්න බෑ නුඹ මාව ඇය ගාව ගොළුකර තියා කිවනොහැක දුන් කඳුලු මෙතෙකැයි කියා පෙනි පෙනිම නුඹ අහිමි වී යන දිහා නිහඬව බලා හිඳිමි කඳුලැල් පිහා

Song Details

Sinhala Title
නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ
English Title
nobala inna baa bala inna ba
ලඅ

Artist

ලක්ෂානි අපේක්ෂා

View all songs →

නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ (nobala inna baa bala inna ba) | Tediya Lyrics