Lyrics
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගෙ හිත අමතා
හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ.....
උදේ හවා කල ගෙවෙන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවණේ සිහිලස ලබමින්
ගතකළ සොඳුරු පැයේ
මල් හිනැහුන උදයේදී...... ආදරයද මට කීවේ...
දිගුනෙත් හසරැල්ලේ සිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දී
සැඩහිරු නැගි මද්දහනේ..... ආදරයද මට කීවේ
දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගෙ සෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් ඔහු සැනසුණු හෙවණේ
ප්‍රේමය රුදු සිහිනයකී.... ආදරයයි මට කීවේ...
දිගුනෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැලපෙන හැන්දෑවේ.... ආදරයද මට කීවේ...
Song Details
- Sinhala Title
- දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
- English Title
- digu neth hasaralle - dingu neth
- Artist
- දයාරත්න පෙරේරා
දප
Artist
දයාරත්න පෙරේරා
View all songs →