මගේ මැණික් අප්සරාවි

mage manik apsarawi

Lyrics

මගේ මැණික් අප්සරාවි විදවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඩුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා. මගේ මැණික් අප්සරාවි... // තාරකා ඇස් ඇහිදිමින් ඔබ සොයනවා මග ගෙවනවා ඔබේ දෙපා මුල පුද දිදී සුවඳ මල් තව පිපෙනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ... නෙළා ගන්නට බැරි දුරින් ඔබ හිනැහුනා මම වැලපූනා ඔබේ කඳුලු බිඳු වට පින් දිදී මම මිරිඟු දිය බොනවා. විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ...

Song Details

Sinhala Title
මගේ මැණික් අප්සරාවි
English Title
mage manik apsarawi
තඅ

Artist

තරිඳු අර්සකුලරත්න

View all songs →

මගේ මැණික් අප්සරාවි (mage manik apsarawi) | Tediya Lyrics