Lyrics
අහස් ගවුව දුර නෑ ඔබ ළඟ ඉන්නවනම්
සිතුල් පවුව රළු නෑ හඳ පිරිමදිනවනම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගෙ හද දැනෙනානම්
පරවෙන පැතුමට කිරි වද්දාගෙන
රුහුනේ කෙත් යායෙන්
හැරයන්න වයසට වේලි බදිනවාද
මහ වැලි ගඟ මැද්දෙන්
විස්ස වුවත් පොඩි නෑ මගෙ හිත දැනෙනානම්
කලු සුදු සිහිනෙට පාට පොවා
හග්ගල මල් වත්තෙන්
ළඟදීම දවසක පෝරු තනාගමු
ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස වුවත් පොඩි නෑ මගෙ හිත දැනෙනානම්
Song Details
- Sinhala Title
- අහස් ගවුව දුර නෑ ඔබ ළඟ ඉන්නවනම්
- English Title
- ahas gawwa dura naa
- Artist
- ජූඩ් රොගන්ස්
ජර
Artist
ජූඩ් රොගන්ස්
View all songs →