අතිනත අරන් යන විට සෙමින්

athinatha aran yana wita

Lyrics

අතිනත අරන් යන විට සෙමින් නව නෑසියන් සමඟින් මෙසේ මංගල සිලෝ හඩ අභිබවා මට නුඹේ මෘදු කටහඩ ඇසේ පියානෙනි.. ඔබේ ඇමතුම් හඬ ඇසේ... මඟ නොමඟ මේ යැයි කියා ජීවිතේ අග මුල සොයා ඔබ කියාදුන් මහඟු පාඩම හදේ ගැඹුරුම තැන තියා මගේ ඉරණම් ගමන මම යමි ස්නේහයේ නව මං සොයා.. පන්නරය ලැබ ඔබ වෙතින් ජීවිතය සැකසුනු බැවින් පරපුරේ ගෞරවය රැකගෙන හිදින්නෙමි පතිනිය ලෙසින් දරු සෙනේ ඇට මිදුලු ගිනි බිද පවතිනා බව දනිමි මං.. අතිනත අරන් යන විට....

Song Details

Sinhala Title
අතිනත අරන් යන විට සෙමින්
English Title
athinatha aran yana wita
සඑ

Artist

සංඛනී එදිරිසිංහ

View all songs →