Lyrics
කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ..//
වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ..
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ..
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ..
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ..//
කුඹුක් ගහේ මල් පිපිලා...
උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ..
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ..
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ..
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ..//
කුඹුක් ගහේ මල් පිපිලා...
Song Details
- Sinhala Title
- කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
- English Title
- kubuk gahe mal pipila
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →