Lyrics
හුන්නස්ගිර වාගේ නොසැලී
ඇතෙක් වාගෙ දිවි බර අදිතී
ගෙදර බුදුන්ටත් නෑ දෙවැනී
තාත්තෙ ඔබ බෝසතුන් වැනී
ඔය පපුතෙරේ සෙනෙහස ඔබේ
නෑ කිසිදින සිදුනේ..
බවෙන් බවේ පිය පුතු සෙනේ
පෙරුම් පුරන් එන්නේ..
තාත්තේ මේ ඇහුනද.. මං ආදරෙයි....
හිත පරඩැල් වුනු මේ දිවි කතරේ
ඔබේ අනුහසිනි දෙපයින් සිටියේ
නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා
තාත්තේ මේ ඇහුනද.. මං ආදරෙයි....
දුක සැප කැලතෙන ඉරණම් ගමනේ
ඔබේ සෙනෙහසිනි සිවි සරු වූයේ
නිසි පාර පෙන්වා මා පසු පසම සිටියා
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා
තාත්තේ මේ ඇහුනද.. මං ආදරෙයි...
Song Details
- Sinhala Title
- හුන්නස්ගිර වාගේ නොසැලී
- English Title
- hunnasgira wage
- Artist
- ඉදුනිල් අන්දරමාන
ඉඅ
Artist
ඉදුනිල් අන්දරමාන
View all songs →