මිදුලේ සුදු වැලි තලයේ

midule sudu wali thalaye

Lyrics

මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ ති‍බේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ// බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි// මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා// මිදුලේ සුදු වැලි තලයේ.. අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා// මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා//

Song Details

Sinhala Title
මිදුලේ සුදු වැලි තලයේ
English Title
midule sudu wali thalaye
හක

Artist

හෙන්රි කල්දේරා

View all songs →

මිදුලේ සුදු වැලි තලයේ (midule sudu wali thalaye) | Tediya Lyrics